ලබන වසරේ ක්‍රියාත්මක වැදගත් තීරණ කිහිපයක් ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

ලබන වසර තුලදී රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් එමෙන්ම එම වසර තුලදීත් පනවා ඇති වාහන ආනයන සීමාවන් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම ලබන වසරේදී කිරිපිටි ආනයනය සඳහා ඩොලර් ලබාදීමට නොහැකිවනු ඇති බවද මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති කිරි ගොවි සම්මේලන රැස්වීමේදීයි.

මේවන විට මෙරට ආර්ථිකය බරපතල ඩොලර් හිඟයකට මුහුණපා ඇති අතර මේ හේතුවෙන් පසුගිය මාස 4ක කාලය පුරා දැඩි ආනයන සීමා පැනවුණා.

කෙසේ වෙතත් වාහන ආනයනය සඳහා මේ වසර මුලදී පැනවුණු සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර නොවැම්බර් මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් බව රජය පවසනවා.

මේ අතර මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

මේ අතර, ඊයේ සිය නිල මූල්‍ය සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තවක දැක්වුණේ, ලබන ජනවාරි මාසය වනවිට මෙරට සතු නිල ඇමරිකානු ඩොලර් සංචිතය බිලියනයක් දක්වා පහළ වැටෙන බවයි.

ඒ අනුව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, ලබන ජනවාරි මාසයෙන් පසු මෙරටට ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන ඒමේ බරපතළ ගැටලුවකට මුහුණ දිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?