ලබන ජනවාරියේ ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට

ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ලබන එළඹෙන ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමති අනූප පස්කුවෙල් අද (04) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රමාද වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2007 සිට ආබාධිත පනත සම්බන්ධයෙන් කටයුතු සිදු වෙන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුප පැස්කුවල් මහතා පැවසුවේ ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටිනවා .

එම ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන්ද කටයුතු සිදු වන බවයි වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ

මෙම අවස්ථාවේ අදහස් දැක් වූ විදේශ රැකියා රාජ්‍ය අමාතය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ, රැකී රක්ෂා පනතටද ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳව ඇතුළත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?