ලක්ෂ 18ක අයිස් සමඟ දෙදෙනෙක් අත් අඩංගුවට

රුපියල් ලක්ෂ දහඅටකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍යයක් වන අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැලිකඩ පොලිස් වසම් අංක 114/ඒ, කොටුවේගොඩ, රාජගිරිය ලිපිනයේ දී වැටලීමකට අනුවයි.

එහි දී රුපියල් ලක්ෂ දහ අටකට අධික වටිනාකමින් යුත් අධික විස මත්ද්‍රව්‍යක් වන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි සහස්පුර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40, 43 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා සහස්පුර පත්මසිරි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?