ලංවිම ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලෝක බැංකු නියෝජිතයින් අතර මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංග්ලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා එක්ව සිටි බව අමාත්‍ය කංචන විජේසකර නිකුත් කළ ට්විටර් සටහනේ සඳහන්.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර සුළං බල ව්‍යාපෘති මෙන්ම ඉදිරි පුනර්ජනනීය බලශක්ති වෙනුවෙන් ලෝක බැංකුව ලබාදෙන මූල්‍ය සහාය පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා සිය ස්තූතිය ද පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?