මගී ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාරවලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ.
ඒ අනුව සිපෙට්කෝ මිලට ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙන අතර, ඊට අදාළ ගණනය කිරීම් මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටි ඇති බවයි බස් රථ සේවකයින් ඊයේ සඳහන් කළේ.
බස්රථ සදහා අවශ්‍ය ඩීසල් නොලැබුනහොත් තත්ත්වය බරපතල විය හැකි බව පෞද්ගලික බස් රථ වෘත්තීය සමිති කියා සිටියා.
දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ඊයේත් දිගු පෝලිම් පැවතුණා.
ඩීසල් නොමැතිවීමෙන් නුවරඑළියේ එළවළු වෙළදාම සියයට 60කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියා.
මේ අතර, අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙන හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ සිදුකෙරුණා.
ඒ, ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නෝර්වේජියානු සමාගමක් අතරයි.
පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපද වන හයිඩ්‍රජන් වායුව හරිත හයිඩ්‍රජන් ලෙස හැදින්වෙනවා.
එමෙන්ම අද දිනයේත් සියලු කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.
කෙසේ නමුත් රාත්‍රී කාලයේ ඉල්ලුම අධික වුව හොත් තවත් පැය භාගයක කලින් සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුකළ හැකි බවයි ඔවුන් දැනුම් දුන්නේ.
අද පැය 3ක විදුලි කප්පාදුව පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා ක්‍රියාත්මක වනු ඇති.