සතොස භාණ්ඩ 10ක මිල පහතට

ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහත දමා තිබෙනවා.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසුවේ අවුරුදු සමය වෙනුවෙන් මෙම භාණ්ඩ මිල අඩුකිරීම සිදුකළ බවයි.

ඒවා අඩු කිරීම සදහා ඩොලරයේ අගය පහත වැටීම හා IMF ණය රටට ලැබීම හේතුවූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මිල පහත දැමූ භාණ්ඩ හා මිල ගණන් පහතින් වේ.

*වියලි මිරිස් කිලෝවක් රුපියල් 120 කින්

*සුදුලූනු කිලෝවක් රුපියල් 25 කින්

*හාල් මැස්සන් කිලෝවක් රුපියල් 25 කින්

*සුදු සීනි කිලෝවක් රුපියල් 12 කින්

*කඩල කිලෝවක් රුපියල් 15 කින්

*සම්බා සහල් (දේශීය) කිලෝවක් රුපියල් 11කින්

*ටින් මාළු ග්‍රෑම් 225 රුපියල් 10 කින්

*ලොකු ළූණු කිලෝවක් රුපියල් 10 කින්

*අර්තාපල් (දේශීය )කිලෝවක් රුපියල් 10 කින්

*වටානා කිලෝවක් රුපියල් 7කින් මිල අඩු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?