Empty Ad
AFC Banner
Empty Ad

ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට ඉන්දුනීසියාවෙන් අත

රට පුරා රෝහල් වල ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ,ඉන්දුනීසියානු රජය විසින් පළමු වරට රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (28) දින සවස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් මිලියන 570 ක් වටිනා මෙම වෛද්යු ආධාර තොගය කිලෝ ග්‍රෑම් 3100 ක් බරකින් යුතු විය .

මෙම වෛද්‍ය ආධාර තොගය තුළ විශේෂයෙන් පිළිකා රෝගීන් සදහා වූ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ද තිබුණි . සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දුනීසියානු රජය ප්‍රතිචාර දක්වා තිබීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ සහ ජනතාවගේ කෘතවේදීත්වය ගුවන් තොටුපළේ දී පිරිනැමීය .

මෙම වෛද්‍ය ආධාර තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍ය ක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩේවි ටොබින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වෛද්‍ය අලාකා සිංග් මහත්මිය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි මේ සජිත් ආණ්ඩුවට මෙහෙම බනින්නේ
10:42
Video thumbnail
තිස්ස විහාරය ගැන ඇමති කට අරියි - බොරු ප්‍රචාර යවන්න එපා - කවුද එහෙම කිව්වේ
06:07
Video thumbnail
අපේ රණවිරුවෝ දුබල කරන්න එපා - හිමටත් හොඳටම තරහා ගිය මාධ්‍ය හමුව මෙන්න
10:52
Video thumbnail
ප්‍රබලයෝ වෙනුවෙන් පොහොට්ටුව ඉස්සරහට එයි - කිසි කෙනෙක්ට අත තියන්න දෙන්නේ නෑ අපි
06:24
Video thumbnail
විදුලිබල ඇමතිගේ ගමට දවස් 04ක් තිස්සේ ලයිට් නෑ - ගම්මුන්ට හොඳටම තදවෙලා
06:31
Video thumbnail
සජබය සහ මාලිමාව පාර්ලිමේන්තුවේ එකට හිට ගනී - අජිත් මාධ්‍ය හමුවේ සියල්ල හෙළි කරයි
03:50
Video thumbnail
ගම්මන්පිලට අද නම් හොඳටම තදවෙයි
05:01
Video thumbnail
දේශබන්දුගේ පොලිස්පති පට්ටම ගලවන්න මාලිමාව සීරුවෙන්
08:46
Video thumbnail
හැමෝම රඟන්නේ මෙයාලා යුද්දේ ඉවර කරපු නිසා - අපි එයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා
06:37
Video thumbnail
BREAKING NEWS 🔴
01:45

?