ලංකාවේ වවුලන්ටත් කොරෝනා

මෙරට ජීවත් වන වවුල් විශේෂ 02කින් ලබාගන්නා ලද සාම්පල් 395කින් පසුව එම වවුලන් හට ඇල්ෆා සහ බීටා යන වෛරස් කාණ්ඩ දෙක ආසාදනය වී ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් අධ්‍යනය ආයතන එක්ව කරන ලද පරික්ෂණයකින් පසුවයි මේ පිළිබඳව අනාවරණය කරගෙන තිබෙන්නේ. ඔවුන් මෙම පරික්ෂණ වාර්තාවන් ලෝකයේ වෛද්‍ය ජර්නල් කිහිපයකම පළ කර තිබෙනවා.

කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි “වවුල් ගල්ගේ” නැමති ස්ථානයේ ජිවත් වන වවුලන් මෙම පරික්ෂණය සඳහා යොදාගෙන තිබුණු අතර එහිදී වවුලන් සඳහා පි.සී.ආර් පරික්ෂණත්, ගුද මාර්ගයෙන් ලබාගත් සාම්පලත් යොදාගෙනයි මෙම කොරෝනා වෛරස් පරික්ෂාව සිදුකර තිබෙනවා.

මෙහිදී ලබාගත් සාම්පල් 395 අතරින් සාම්පල් 33කම කොරෝනා වෛරසයේ කාණ්ඩයන් දෙකක් වන ඇල්ෆා සහ බීටා යන ප්‍රභේදයන් දෙකම අඩංගු වන බවට තහවුරු කරගෙන.

මෙම ඇල්ෆා සහ බීටා වෛරස් කාණ්ඩ දෙක බ්‍රිතාන්‍යයේ වාර්තා වන ඇල්ෆා උප ප්‍රභේදය හෝ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන බීටා උප ප්‍රභේදය නොවන බවත් එය කොරෝනා වෛරසයේ මුලික ප්‍රභේදයන් 04 වන ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා යන ප්‍රභේදයන්වලින් 02ක් බවට පර්යේෂක කණ්ඩායම විසින් තහවුරු කරමින් පවසා තිබුණා.

2017 වසරේ සිට වර්ෂයේ දී ශ්‍රී ලාංකික වවුල් විශේෂ තුළ තිබෙන මිනිසාට සම්ප්‍රේෂණය වීය හැකි වෛරස් පිළිබඳව කරන ලද පරික්ෂණයක් අතරතුර මෙම සොයා ගැනීම සිදුකර තිබෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?