ලංකාවේ රැඳෙමින් පරිගණක අපරාධ කළ චීන ජාතිකයින් 85ක් පිටුවහල් කෙරේ

මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධ (Cyber Crimes) ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු, මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව, බන්ධනාගාර ගත කර සිටියදී අද (20) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, මෙම චීන ජාතිකයන් පිරිස මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි බවයි.

පසුව ඔවුන් පිටුවහල් කිරීමේ තීරණය මත වැලිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු රැඳවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණා.

බස් රථ 05 ක පටවාගත් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර, ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ ගුවන් යානය වෙත ඇතුළු කර තිබුණා.

මෙම චීන ජාතිකයන් පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 ගුවන් යානයේ ගමන් ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?