ලංකාවේ පැතිරයන කොවිඩ් ප්‍රභේදය ගැන තොරතුරු හෙළිවේ -ජපුරෙන් කළ අනාවරණය

ජයවර්ධනපුර සරසවියෙන් කළ පරීක්ෂණ අනුව දැනට ලංකාවේ පැතිරයන කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතිරෙන කොවිඩ් ප්‍රභේදය බවට අනාවරණය වී තිබෙනවා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා මේ බව ප්‍රකාශ කරනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබෙන්නේ මෙම වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙන බවයි

අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල අනුව මේ බව හඳුනාගෙන ඇති බවත් එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කරනවා

බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?