ලංකාවට ඩොලර් ගේන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමය…..

ශ්‍රී ලංකාවේ දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසනවා.

“දේශීය වෙදකම ජාත්‍යන්තරයට” මැයෙන් අද (09) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගත පශ්චාත් සමය තුළ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සහ දේශීය ඖෂධවලට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් හිමිව ඇති අතර, එබැවින් නව සැලසුම් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මෙය වටිනා අවස්ථාවක් බවයි ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?