AFC Banner
AFC Banner
Empty Ad

රෝහලේ නේවාසික රෝගීන් සහ ඥාතීන් ලග මත්ද්‍රව්‍ය තිබී හසුවෙයි

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් හා එම රෝගීන් බැලීම සදහා පැමිණෙන ඥාතීන් සතුව තිබි මත් පැන් මත් පෙති ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සෙයා ගත් බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටි. සත්‍යමුර්ති මහතා පවසනවා.

පසුගියදා රෝගීන් හා ඔවුන් බැලීම සදහා පැමිණෙන ඥාතීන්ගේ ගමන් මළු හදිසි පරීක්ෂාවකට ලක් කොට ඇති අතර එහිදී අදාල මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

රෝහල තුළ මත්ද්‍රව්‍ය භාවිතාකරණු ලබන බවට ලද පැමිණිලි අනුව රෝහල් ආරක්ෂක නිළධාරීන් යොදවා මෙම හදිසි පරීක්ෂාව සිදු කොට තිබෙනවා.

මෙහිදී මත්පැන් බෝතල් 03 ක් මත් පෙති හා මත් බුලත් විට තොගයක් සොයාගෙන ඇති අතර එහිදී ඇතැම් රෝගීන් සදහා උපස්ථායකයන් වශයෙන් පැමිණ සිටින පුද්ගලයින් තදින් මතට ඇබ්බැහිවුවන් බවටද හදුනාගත් බව රෝහල් අධ්‍යක්ෂක වරයා පවසයි.

රෝහල තුළ ඉදිරියේ මෙවන් ක්‍රියා වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සදහා පොලීසිය සමග සාකච්ජා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහල් අධ්‍යක්ෂක වරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?