රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි තිදරු පියා කෙසෙල්ගමුඔයට වැටි ජිවිතක්ෂයට (ඡායාරූප)

රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනිමට බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත පැමිණි තිදරු පියෙකු කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට වැටි අද (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසුවා.

මෙසේ කෙසෙල්ගමුඔයට වැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ පදිංචි 75 හැවිරිදි තිදරු පියෙකි.

මෙම තිදරු පියා (29) දින උදැසන සායන කාඩ් පත රැගෙන නිවසින් පිටත් වි ඇති බවත්, බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට කෙසෙල්ගමුඔය හරහා පිවිසිමට ඇති කෙටි මාර්ගය ඔස්සේ ගමන් කරන අවස්ථාවේ පාලම මතින් කෙසෙල්ගමුඔයට වැටි මද දුරක් ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

කෙසෙල්ගමුඔය අභියස තෘණ කැපිමට ගිය පුද්ගලයෙකු කෙසෙල්ගමුඔයේ පුද්ගල මළසිරුරක් ඇති බවට බගවන්තලාව පොලිසිය වෙත කල දැනුම් දිමක් මතයි පොලිසිය සිරුරු සොයාගෙන ඇත්තේ.

සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂකවරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
36
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?