රෝහල් සියයක් ඉදිරිපිට කෑම පැයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක්

හෙද සේවාවේ එකදු ඉල්ලීමකටවත් අවසාන විසඳුමක් මෙතෙක් ලබානොදීමට එරෙහිව දිවයින පුරා රෝහල් සියයක් ඉදිරිපිට හෙද කාර්ය මණ්ඩලය අද (28 වැනිදා) උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ ඉල්ලීම් නවයක් මුල්කරගත් වැඩවර්ජනයට දින 25ක් ගත වුවද මෙතෙක් එම ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

එම ඉල්ලීම් නවයෙන් දෙකක් වන උසස්වීම් සහ මාණ්ඩලික සේවාවලට අදාළව කැබිනට් පත්‍රිකා අනුමත වුවද අද වනතුරු සෞඛ්‍ය අමාත්‍යංශ ඒ සඳහා කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

එම නිසා එයට විරෝධය පළකරමින් අද (28 වැනිදා) දහවල් 12 සිට 1 දක්වා කාලයේ තෝරාගත් රෝහල් සියයක් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.

අද (28 වැනිදා) දවසේදීත් මෙයට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් පත්‍ර නිකුත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරි සතියට පසු දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මෙහිදී අවධාරණය කළේය.

වරුණි පෙරමුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?