spot_imgspot_img

රෝගී ආරක්ෂාව වෙනුවෙන් නව ප්‍රඥප්තියක් (ඡායාරූප)

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රඥප්තියක් සකස් කිරීමට සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ අවධානය යොමු ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ප්‍රඥප්තියක් සැකසීම සඳහා වූ, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) උපුල්
ගලප්පත්තිගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වුණු අවස්ථාවේ දීයි මේ බව තීරණය කෙරුණේ.

එහිදී රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා සකස් කෙරෙන මෙම ප්‍රඥප්තිය වඩාත් ප්‍රයෝගික ව ක්‍රියාත්මක කළ හැකි අයුරින් සකස් කිරීමේ වැදගත්කම නිලධාරීන් විසින් අනුකාරක සභාවට පෙන්වා දුන්නා.

රෝගීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන සියලු ම ආයතන කැඳවා මෙම නව ප්‍රඥප්තිය සැකසීමේ දී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද අනුකාරක සභාවේ දී තීරණය කෙරුණා.

ඒ අනුව එම සියලු අදහස් හා යෝජනා ලබාගැනීමෙන් පසු රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා වූ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සකස් කර ඉදිරිපත් කළ හැකි බවයි නිලධාරීන් අනුකාරක සභාවට දැන්වූයේ.

SOC Health Sub Committee 1
SOC Health Sub Committee 2
SOC Health Sub Committee 3
SOC Health Sub Committee 4
SOC Health Sub Committee 5
SOC Health Sub Committee 6
SOC Health Sub Committee 7
SOC Health Sub Committee 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?