Empty Ad
AFC Banner
AFC Banner

රේගු තනතුරු ගැන පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නො රැවටෙන්න – මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ

ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙස 2024 සැප්තැම්බර් මස 27, 28, හා 29 දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා ” පෙරහුරු වැඩමුළු” පවත්වන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉහතින් සඳහන් කර ඇති තනතුර සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී අපේක්ෂකයින් හට අමතර ලකුණු ලැබෙන්නේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලින් ලබා ඇති ජයග්‍රහණවලට පමණක් වන අතර එයට අමතරව එහිදී අධ්‍යාපන සුදුසුකම් හා ශාරීරික යෝග්‍යතාව පමණක් පරීක්ෂා කෙරෙනු ඇති.

වෙනත් කිසිම සුදුසුකමක් සඳහා අමතර ලකුණු ලබාදීමක් සම්මුඛ පරීක්ෂණයේ දී සිදු නොකරන බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ.

එම නිසා එම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙරහුරු වැඩමුළුවලට සහභාහී වී අමතර සූදානමක් වීම අවශ්‍ය නොවන බව සියලු අපේක්ෂකයන් වෙත ශ්‍රී ලංකා රේගුව අවධාරණය කර සිටින බවයි විශේෂ නිවේදනයක් අද (24) දිනයේ දී නිකුත් කරමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදයංග වීරතුංගගෙන් පළිගන්න රෙඩ්වින් ගුවන් යානා නතර කරන්න එපා
08:31
Video thumbnail
හදීසියේ ජනාධිපති රටේ ආරක්ෂාව තරකරයි
01:11
Video thumbnail
සුදු පරවි රෑන සේ පියා සලා #seelarathanathero #shortsvideo
00:31
Video thumbnail
ප්‍රියාව ගීතයෙන්ම මතක් කරපු අපිලගේ සාදු - "සුදු පරවි රෑන සේ පියා සලා"
02:09
Video thumbnail
ප්‍රියා සූරියසේනට අවසන් ගරු බුහුමන් කරන්න ජනපති එක්වෙයි
00:52
Video thumbnail
අලි මිනිස් ගැටුමටත් - රිලව් ප්‍රශ්නයටත් මාලිමා ආණ්ඩුවෙන් විසඳුම් - ගම්මුන්ගෙන් ඇමතිට පැසසුම්
09:01
Video thumbnail
මුදල් ගසාකන්නේ නැතිව ව්‍යාපෘති කරන්නේ මෙහෙමයි - මාලිමා ආණ්ඩුවෙන් ආදර්ශයක්
02:41
Video thumbnail
103 වැනි උපන්දිනය සැමරූ සීයා
02:41
Video thumbnail
රටේ මිනිසුන්ගේ ප්‍රශ්න එකින් එකට අපි විසඳුම් දෙනවා
05:12
Video thumbnail
අධික මීදුම ඇති පළාත් කිහිපයක් ගැන අනාවරණයක්
02:07

?