Empty Ad
AFC Banner
AFC Banner

රුහුණු කතරගම බස්නායක නිලමේට අතුරු තහනම් නියෝගයක්

තිස් වසරක බදු ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකට බදු දී ඇති රුහුණු කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 500ක් බදු ගිවිසුම අවසන් වීමට පෙර හෝ එකී සමාගම එම දේපොළින් නෙරපා හැරීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය රුහුණු කතරගම බස්නායක නිලමේවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දැඩිගම ගෘප් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සදුන් සේනාධිපති මහතා කළ කරුණු දැක්විම් සලකා බැලු නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා විසින් ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.

සිය සේවාදායකයා විසින් වසර 30ක බදු කාලයක් සඳහා ලබා ගත් එම ඉඩම කෘෂිකාර්මික කටයුතු සඳහා තුන්වන පාර්ශ්වයකට බදු දී ඇති බවත්, එම ගනුදෙනුව නිත්‍යානුකුලව සිදු කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

නමුත් රුහුණු කතරගම දේවාලේ බස්නායක නිලමේවරයා අනීතික අන්දමින් මුල් බදු ගිවිසුම අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බව ද නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව නුගේගොඩ දිසා අධිකරණය එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ දරුවාගේ වැරැද්දක් දුටු තැන - ආදරයෙන් එය පෙන්වා දී යහමගට ගන්න
04:37
Video thumbnail
කුඩ්ඩෝ උස්සපු ත්‍රීවිල් පොලිසියට මාට්ටු - ඔයාගේ නැතිවුණ එකත් තියෙනවද බලන්න
03:18
Video thumbnail
බිත්තරේ අඩු වුණාට ෂෝටීස්‌ අඩු කරන්නෑමයි - කඩ හිමියෝ කියයි
05:03
Video thumbnail
මාලිමා මන්ත්‍රිනී කෞෂල්‍යාට වුණේ මොකක්ද ? මාධ්‍ය හමුවේ හෙළි කරයි
18:03
Video thumbnail
හත්වැනි මහලින් වැටුන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් - පවුලේ ඥාතීන්ගෙන් චෝදනා
18:19
Video thumbnail
ජනපති මත්ද්‍රවය ජාවාරම් කාරයින්ට රතු එළි දල්වපු හැටි
01:42
Video thumbnail
කාදිනල්තුමාට මඩ ගහනවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
04:31
Video thumbnail
ඇමතිගේ නිව්ස් ගහපු නැති නිසා ගෙදර යන්න වුණු සභාපති
06:04
Video thumbnail
ආණ්ඩුව ලුණු ප්‍රශ්නයත් ලස්සනට විසඳයි - රටින් ලුණු ගේන්න ටෙන්ඩර් දාලා තියෙන්නේ
09:00
Video thumbnail
සුන්දර නුවරඑළියේ අම්බානක සෙනඟ
03:03

?