Empty Ad
AFC Banner
Empty Ad

රුසියානු හමුදාවේ 800 ක් මියයති

යුක්රේනයේ අගනුවර වන කියෙව් නගර සීමාවට රුසියානු හමුදා ඊයේ (25 දා) ඇතුළු වූ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම නිවේදනය නිකුත් කර සුළු මොහොතකට පසු රුසියානු හමුදාව කියෙව් නගරය වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

ඒ සමගම නගරයේ ජනතාව විශාල පිරිස් නගරය අත්හැර දමා යන්නට පියවර ගෙන තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු හමුදා පෙරේදා (24 දා) යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කර ගැනීමෙන් පසු අගනුවර වන කියෙව් වෙත ගමන් අරඹා තිබිණි.

කියෙව් නගරය බලා රුසියානු හමුදා පැමිණි ගමනේදී රුසියානු හමුදාවේ 800 ක් මරණයට පත්වූ බවත් යුද ටැංකි 30 ක්, සන්නද්ධ රථ 130 ක්, ප‍්‍රහාරක හෙලිකොප්ටර් 06 ක් සහ යුද ගුවන් යානා 07 ක් විනාශ කළ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රොව් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත්තේ යුක්රේනය නාසින්ගෙන් නිදහස් කරගන්නා බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?