රුසියානු යුවලක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් තවත් ත්‍රීරෝද රථ තුනක ගැටෙයි

හික්කඩුව ප්‍රදේශයේ සිරි නැරඹීමට යමින් සිටි රුසියන් යුවලක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් තවත් ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක් ගැටී ඊයේ (09) පස්වරුවේ සිදුවූ අනතුරකින් රුසියන් යුවල සහ තවත් කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන්කල වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු යුවලක් සහ මාර්ගයේ රැදී සිටී කාන්තාවක්.

වස්කඩුවේ සංචාරක හෝටලයක සිට හික්කඩුව ප්‍රදේශයේ සිරි නැරඹීම සදහා යමින් සිටි රුසියන් යුවල රැගත් ත්‍රිරෝද රථය කටුකුරුන්ද ඉන්ධන පිරවුම්හල අසල දී ඒ දෙසටම ගමන්ගත් ත්‍රීරෝද රථයක ගැටී ඉදිරිරියට ඇදී ගොස් තවත් ත්‍රීරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටී පෙරලී ඇති අතර , අනෙක් ත්‍රීරෝද රථය නවතා තිබූ යතුරුපැදි දෙකක ගැටී නතරවී ඇති බව පොලිසිය කීය.

තුවාල ලැබූ කතුන් දෙදෙනා නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රුසියානුවා සුළු තුවාල ලබා ඇති බවත් පොලිසිය පැවසීය.

රුසියන් යුවල ගමන්ගත් ත්‍රීරෝද රථ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට සැකකරන බවත් ඔහු අත්ඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?