Empty Ad
Empty Ad
AFC Banner

රුසියානුවන් පිරිසකට අයිෆෝන් භාවිතය තහනම්

රුසියානු රාජ්‍ය නිලධාරී සහ සේවකයින්ට අයිෆෝන් භාවිත කිරීම තහනම් කර ඇති බව වාර්තා වනවා.

මෙම තහනම ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

ඇපල් සමාගම ඇමරිකානු ඔත්තු බැලීමේ සේවා සඳහා උපකාර කරන බවට චෝදනා එල්ලවීමත් සමඟ රුසියාව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු අමාත්‍යාංශ කිහිපයක සහ ඇතැම් ආයතනවල ඇපල් උපාංග භාවිතය තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මෙම තීරණයට එළඹෙමින් රුසියානු ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේ අයිෆෝන් තවදුරටත් ආරක්ෂිත නොවන අතර,ඒ සඳහා විකල්ප සොයාගත යුතු බවයි.

ඒ අනුව 2025 වසර වන විට දේශීයව සංවර්ධනය කරන ලද මෘදුකාංග වෙත මාරුවීම රුසියාව මේ වනවිටත් කටයුතු සිදුකරමින් යන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
8
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?