රුමේනියානු රාජ්‍ය ලේකම් කථානායකවරයා හමුවෙයි

ඊයේ(26) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකවට පැමිණ සිටින රුමේනියාවේ රාජ්‍ය ලේකම් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Traian Hristea ඇතුළු දුත පිරිස හමුවී තිබෙනවා.

රුමේනියාමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය ලේකම් ප්‍රසාදය පළ කර ඇති අතර දෙරට අතර ශක්තිමත් සබඳතාවක් ඇති කිරීමට මෙය ඉතා වැදගත් බවයි සඳහන් කර ඇත්තේ. කම්කරු අංශය, අධ්‍යාපන, වෙළඳ, ආයෝජන, සයිබර් ආරක්ෂාව, තොරතුරු තාක්ෂනය, සහ සංචාරක යනාදී බොහෝ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාව සඳහා ඉඩ සැලසෙනු ඇති බව ඔහු පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ට රුමේනියාවේ සේවය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව කෘතවේදීත්වය පළ කළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකා රුමේනියානු පාර්ලිමේන්තු මිත්‍රත්ත්ව සංගමය ආරම්භ කර ඇති බවද සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?