රුපියලේ අගය යළි ඉහළට

අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300.51ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 319.66ක් ලෙසටයි.

ඊයේ මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.60ක් ලෙසටත් විකුණුම් මිල රුපියල් 328.92ක් ලෙසටත් දැක්වුණා.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද දැක්වුණේ රුපියල් 301.69ක් ලෙසටයි. එහි විකිණුම් මිල රුපියල් 319.54ක් ලෙසට දැක්වෙනවා. ඊයේ මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.31ක් වූ අතර විකුණුම් මිල රුපියල් 333.97 ක්ව තිබුණා.

අද කොමර්ෂල් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 296.92ක් වන අතර විකුණුම් මිල රුපියල් 320ක් වනවා.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක අද ගැනුම් මිල රුපියල් 301ක් වන අතර විකුණුම් මිල දක්වෙන්න රුපියල් 318ක් ලෙසටයි.

Com Bank 5
Peoples Bank 9
Sampath Bank 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?