රුපියල් ලක්ෂ 13 ක් පමණ වටිනා ඩීසල් සොරකමක් මාට්ටු

කලු ගල් ව්‍යාපරික වැඩබිමක් තුල ගබඩාකර තිබූ රුපියල් ලක්ෂ 13 ක් පමණ වටිනා ඩීසල් ලීටර් 3000 ක් පමණ සොරකම් කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවුලපැලැස්ස පොලිසිය සදහන් කළේ සොරකම් කරන ලද ඩීසල් ලීටර් 30 බැගින් අඩංගු කෑන් 03 ක් සහ යතුරු පැදියක් සහ ඩීසල් විකුණා ලබා ගත් මුදල් බවට සැක කරන රුපියල් 15000 / -ක් සමඟ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 24 වයස්වල පසුවන හෙබරව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය .

සැකකරුවන් (16) වන අද දින මහියංගණය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

දිවුලපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?