spot_imgspot_img
spot_img

රුපියල් කෝටි 23ක කොකේන් ළමා කතා පොත්වල පිටකවර අතරින් හමුවේ

රුපියල් කෝටි 23ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍යවල තොගයක් මෙරටට රැගෙන ආ විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක ඉන්දුනීසියානු ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට දෝහා කටාර් හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉතා සූක්ෂමව ඉංග්‍රීසි ළමා කතා පොත්වල පිටකවර අතර සඟවාගෙන කොකේන් ග්‍රෑම් 4598ක් මෙම කාන්තාව විසින් මෙලෙස රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරණ ගුවන් යානයෙන් ආද (22) පස්වරු 04:10ට පමණ ඇය මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?