රිෂාඩ්ගේ ගෙදර සිටි ‘තවත් සේවිකාවන් දෙදෙනෙක්’ හදිසියේ මැරිලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේවනවිට ප්‍රකාශ 36ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අධිකරණ නියෝග අනුව රඳවා ගෙන ප්‍රශ්න කළ සැකකරුවන් අද (26) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, ඇගේ පියා සහ දැරිය ගෙනා තැරවූකරු දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා රඳවා ප්‍රශ්න කරන අතර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරා තවත් දැරියකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගෙන සිටිනවා.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මීට පෙර සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් ද හදිසියේ මිය ගොස් ඇති බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (26) අනාවරණ කෙරුණා.

ඒ,දිනපතා පුවත්පතක පළවූ පුවතක් උපුටා ගනිමින්.

ඉන් එක් සේවිකාවක් දුම්රියට පැන ඇති අතර තවත් සේවිකාවක් හදිසියේ ලෙඩ වී ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?