රිය අනතුරකින් මාස 9ක බිළිඳෙක් ජීවිතක්ෂයට

කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ඊයේ සවස සිදු වූ රිය අනතුරකින් මාස 09 ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යන්තම්පලාව සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිවීම හේතුවෙන් දුරකතන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් 4 දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ අතර සිටි තුවාල ලැබූ මාස 09ක දරුවෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?