රියදුරාට මරු කැඳවිය හැකි වාහන ලක්ෂ 07ක් මෙරට මහ පාරේ

නිෂ්පාදන දෝෂ හේතුවෙන් වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෝටර් කාණ්ඩ සහ මාදිලි 47ක් මේ වන විට හඳුනාගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම මෝටර් රථ ඛාණ්ඩ සහ මාදිලිවලට අයත් වාහන ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ධාවනය වන බවයි එම දෙපර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එලෙස අවදානම් කාණ්ඩයේ පවතින වාහන සමාගම් සමඟ සාකච්ඡා කර හිමිකරුවන් හරහා එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

පසුගිය සතියේ සිදුවූ අනතුරකින් තරුණ විද්‍යාඥයෙකුගේ දිවි අහිමිවීමට වායු බැලුනයේ දෝෂයක් හේතුවී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයක දී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

වායු බැලුන ක්‍රියාකාරිත්වය රියදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ සහ ජීප් රථ මෙරට මාර්ග පද්ධතිය තුළ ධාවනය වන බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?