රාජිතගේ නඩුව යළි කැඳවයි

2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනාකොට එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ.

2014 වසරේ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේ දී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් එම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයේ නීතිඥවරු වෙත භාරදුන්නේය.

ඒවා අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව දැනුම් දීම සඳහා නඩුව මාර්තු මස 30 වනදා නඩුව කැඳවන ලෙස නියම කළේ ය.

එම ක්‍රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදුකර ඇති බව එම අධිචෝදනා පත්‍රය තුළින් සඳහන් කර තිබේ.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?