රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීමට වැඩපිළිවෙලක් – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා මේ දිනවල කටයුතු සිදුකරගෙන යන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ඒ, අනුව කාර්ය භාරයක් නොමැති සේවකයින්ට ස්වයං විශ්‍රාමයාමේ ක්‍රම සකස් කිරීමට විශාල උත්සාහයක නිරතවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව ස්වයං විශ්‍රාම යාම සඳහා කැමැත්ත පළකර ඇති අය සඳහා අවස්ථාව සලසා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් සිදුනොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය ආයතනවල ඇති පුරප්පාඩු පියවා ගැනීම, මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් යොදාගෙන සිදුකරන බවයි කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
3
හරි හිනා !
4
හම්මෝ !
2
මාර දුකයි !
4
මලපනිනව !
11
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?