රාජ්‍ය සේවකයින්ට විදෙස් ගතවීමට අවසර දීම ගැන යළිත් කරලියට

වසර 05ක කාලයක් සඳහා රාජ්‍ය නිලධාරීන්ට අවසර ලබාදීම තුලින් රජ්‍ය සේවය ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

එලෙස විදේශ ගතවීම සඳහා අවසර ලබාදිය යුත්තේ රාජ්‍ය ආයතනවල සිටින අතිරික්ත සේවකයින්ට බවයි ඔහු පවසන්නේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඒ මහතා

“රජය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අවුරුදු 5ක් නිවාඩු අරගෙන රට යන්න බැරි නම් ගෙදර ඉන්න කියලා කිව්වා. දැන් මේකෙන් ගුරු වෘත්තීයට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒකට විතරක් නෙමෙයි බොහෝ වෘත්තීන්ට එල්ල වෙනවා. අපි දන්නවා හැම වෘත්තීයකම දක්ෂ පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගෙදර නැවතුනොත් මේ අවුරුදු පහේ තමන්ගේ ආදායම වැඩි කරගන්න. එහෙම නැත්නම් විදේශ ගත වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා ඒ ඒ ක්ෂේත්‍රවලට. දැනටමත් මේ ප්‍රශ්නය වෛද්‍ය ක්ෂේත්‍රයේ, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම වරලත් ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරු වැනි ක්ෂේත්වලට වගේම හෙද සේවයට, ගුරු සේවයට අද මේක බරපතළ විදියට බලපාලා තියෙනවා. රටේ රාජ්‍ය අංශයේ සේවකයෝ වැඩියි නම් අතිරේක සේවකයෝ කවුද කියලා හඳුනාගෙන අන්න ඒ අයට මේ අවුරුදු පහේ නිවාඩුව දෙන්නේ නැතුව හැමෝටම මේක ලබාදීම තුළින් අද විශාල වශයෙන් වැඩකරන්න පුළුවන් අය ගිහින් ගුරු වෘත්තීය මානව කාන්තාරයක් බවට පත්විය හැකි අවදානම තියෙනවා.”

යනුවෙන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?