රාජ්‍ය ඇමති සුරේන් රාඝවන්ට මන්ත්‍රී දයාසිරි ගෙන් අමතක නොවන පාඩමක්

අද වනවිට ජාත්‍යන්තරය පවා මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අවධානයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන වූ කණ්ඩායම රජයේ දිගින් දිගටම ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවා දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතු බවයි.

කෙසේවෙතත් එම යෝජනාවට රජය ප්‍රතිචාර දැක්වූයේ, අටවා ගත් ඇමති මණ්ඩලයක් තුළින් එල්ලෙන ආණ්ඩුවක් පිහිටුවාගැනීම හරහා බවයි.

ජනාධිපතිවරයා සුපුරුදු පරිදි ම ඇමති කටු විසි කරමින්, තනතුරු, තාන්න මාන්න, වරප්‍රසාද දෙමින් තමන්ගේ ඉල්ලීමට පිටුපෑ බව ඔහු සඳහන් කළා.

මෙහිදී ඊයේ (19) නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් සුරේන් රාඝවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, සිය අභිලාසයන්ට පිටුපා ගිය ඔහුට තවදුරටත් දේශප්‍රේමය පිළිබඳ කතා කළ නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ, ඔහු පාර්ලිමේන්තුවේ අද සිදු කළ කතාව ඔහුගේ පුතා ඉදිරියේ කළා නම්, ඔහු පවා සුරේන් රාඝවන්ගේ කණට ගසනු ඇති බවයි.

මෙහිදී සිදු කළ යුතු පළමු ක්‍රියාවලිය වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කෙරුණු වැරදි නිවැරදි කරගැනීම බවයි.

මේ ආකාරයට සාධනීය පියවර ගතහොත් පමණක් මේ වනවිට වීථි බැස ඇති මේ රටේ තරුණ ජනතාව සහ සමස්ත ප්‍රජාව තුළ රජය සහ ආණ්ඩුක්‍රමය පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනගා ගත හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?