රාජ්‍ය ආයතන පහක ප්‍රධානීන් ‘කෝප්’ කමිටුව හමුවට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුවේ ඉදිරි කටයුතු සඳහා විගණකාධිපතිවරයා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව දායක කරගැනීමට තීරණය කර තිබෙනවා.

ආයතන කැඳවීම,අනු කමිටු පත් කිරීම සහ පසුවිපරම් කිරීම යන කරුණු සඳහා මෙම දෙපාර්තමේන්තුවල දායකත්වය ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර තවත් ආයතන පහක ප්‍රධානීන් ඉදිරි දිනවල දී ‘කෝප්’ කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ලංකා ධීවර සංස්ථාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහල යන ආයතන පහේ ප්‍රධානීන් ඉදිරියේ දී ‘කෝප්’ කමිටුව හමුවට කැඳවීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?