වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවනු ඇති බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් පවසයි. පසුව පුරප්පාඩුවන අගමැති ධූරය සදහා ජී.එල්. පීරිස් වැනි පුද්ගලයෙක් පත් වනු ඇති බවයි ඇය පවසයි.
සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදි ඇය මෙම අදහස් පල කළා.
රාජපක්ෂවරුනට ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සහ රටේ පැවති අස්ථාවර තත්ත්වය හේතුවෙන් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඇති බවයි ඇය සඳහන් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තද කිසිම විදේශ රාජ්‍ය නායකයෙක් ඔහුට සුබ පතා නැති බවද පැවසූ ඇය මහජන ඡන්දයකින් තොරව ප්රජාතන්ත්රවාදී නොවන ලෙස පත් වුණු කිසිම රාජ්‍ය නායකයකුට විදේශ රාජ නායකයන් සුබපතා නැතැයිද ඇය කියා සිටියාය.