spot_imgspot_img

රන් මුදුවක් සොරා ගත් මෙම පුද්ගලයා හඳුනනවා නම් පොලිසියට දැනුම් දෙන්න

ගලෙන්බිදුණුවැව නගරයේ රන් භාණ්ඩ වෙළෙඳ සැලකට රන් භාන්ඩ මිලට ගැනීමට පැමිණි අයෙකු රන් මුදුවක් සොරා ගන්නා අයුරු එම වෙළෙඳසැලේ සවිකර තිබුණු cctv කැමරාවේ සටහන්ව තිබුණා.

ගලෙන්බිදුනුවැව නගරයේ පිහිටා තිබෙන රන් භාණ්ඩ වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු එම වෙළඳසැලේ රන් භාණ්ඩයක් මිලදී ගැනීමට පැමිණ ඇති අතර, වෙළඳසැලේ සේවකයාගෙන් ලබාගත් රන් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසුව ඉතාමත් සූක්ෂම අයුරින් අතේ දවටාගෙන කිසිදු රන් භාණ්ඩයක් මිලදී නොගෙන වෙළෙඳ සැලෙන් පිටත්ව ගොස් ඇති බවත් ඉන් අනතුරුව රන්මුදු රඳවනයේ එක් මුදුවක අඩුවක් ඇති බව දැනගත් වෙළඳ සහයකයින් සීසීටීවී දර්ශන පරික්ෂා කොට තිබෙන අතර මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා ඉතාමත් සූක්ෂම අයුරින් මුදුව රැගෙන පිටත්ව යන අයුරු දැක ඇති අතර පසුව අයිතිකරු විසින් ගලෙන්බිදුණුවැව පොලිස්ථානයේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන පොලිසිය මගින් ලබාගෙන ඇති බවත් එම විඩියෝ දර්ශන අධීක්ෂණයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් මහජන සහය පතයි.

මෙම සැකකරු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානය දුරකථන අංක 0252258222 ට තොරතුරු ලබාදෙන ලෙසට ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය මගින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?