රන් මාලය කොල්ල කෑ සැකකරු විරේක බෙහෙත් බී පොලිසියේ

මතුගම ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් පුද්ගලයෙකු විසින් ඊයේ (23) රාත්‍රියේ කොල්ල කා තිබෙනවා.

මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ රාත්‍රියේ නිවසට යමින් සිටින අතර තුර ඇයගේ ගෙළ බැඳි රන් මාලය කොල්ල කා සැකකරු මෙලෙස පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අසල සිටි පිරිස් කොල්ලකෑම සිදුකළ සැකකරු ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඇති අතර, එම අවස්ථාවේ දී සැකකරු විසින් කොල්ලකන ලද මාලය ගිලදමා ඇති බවයි වර්තා වන්නේ.

පසුව සැකකරු පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, 32 හැවිරිදි වියේ පසුවන සැකකරුගේ උදරයේ ඇති රන් මාලය ලබාගැනීමට විරේක ඖෂධ ලබාදී මේ වනවිට මතුගම පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?