“රන් මහා සටන” ලබන 24 සහ 25 පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී (ඡායාරූප)

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන “රන් මහා සටන” ක්‍රිකට් තරඟය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා (15) පැවැත්වුණා.

එහිදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළ මාර්තු මස 24 සහ 25 යන දිනයන් හිදී පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී “රන්මහා සටන” දෙදින තරඟය පැවැත්වෙන බවයි.

එමෙන්ම එක්දින තරඟය අප්‍රේල් මස 08 වනදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බවත් සඳහන් කර සිටියා.

සියලු දෙනා ඉතා සංයමයකින් සහ විනයකින්, ක්‍රීඩාවේ උතුම් ගුණාංග සනිටුහන් කරමින් ක්‍රියාකළ යුතු බවත් පෙන්වා දුන් විදුහල්පතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ පාසල් ද්විත්වය අතර පවත්නා සංස්කෘතීන් වලට සහ බැදීම්වලට මෙම තරඟය වැදගත්වන බවයි.

එමෙන්ම කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති A.C පෙරේරා මෙහිදී ප්‍රකශ කළේ විද්‍යාල ද්විත්වයේ දරුවන් අතර සහ ආදි සිසුන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් මෙම තරඟය පැවැත්වෙන බවත් එම අදහස සමාජ ගත කිරීම හරහා යහපත් පූර්වාදර්ශයක් සමාජයට සැපයිය හැකි බවයි.

කණ්ඩායම් ද්විත්වයම තරඟය සඳහා මනා සූදානමකින් සිටින බව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මනුර පීරිස් සහ කොළඹ මහානාම විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සචිර වැලිවත්ත ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?