රදාවඩුන්නේ අනතුරකින් හමුදා සාමාජිකයන් පහක් රෝහලේ

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න, 45 කණුව ප්‍රදේශයේ දී අද (20) අලුයම සිදුවූ අනතුරකින් යුද හමුදා සාමාජිකයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසරයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී මෝටර් රථයේ ගමන් ගත් යුද හමුදා සාමාජිකයන් හය දෙනෙකුගෙන් පස්දෙනෙක් තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් රාජකාරී කටයුත්තක් සඳහා ගිරිතලේ යුද හමුදා කඳවුරට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

බවුසරයේ ගැටුණු මෝටර් රියේ පැත්තක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
1
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?