Indian Premier League

රථ වාහන ශ්‍රි ලංකාව තුලම නිපදවන්න සැරසෙයි

මෝටර් රථ කර්මාන්තය ඇතුළු රටේ සියළු කර්මාන්ත ක්ෂේත්‍රයන් වෙනුවෙන් නිර්මාණය කරගන්නා කර්මාන්ත ප්‍රතිපත්තිය රජයන් වෙනස් වනවිට වෙනස් නොවිය යුතුයි. ඒ වෙනුවෙන් අප මේ මොහොතේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි හැමෝගෙම දායකත්වය ලබාගනිමින් , රටේ සියළු දේශපාලන පක්ෂත් දැනුවත් කරමින් නව ලොවට ගැලපෙන තිරසාර වූ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත යුතුයි. එහි කටයුතු මේ වනවිටත් ආරම්භ කොට ඇති අතර ඉක්මණින්ම අප ජනගත කිරීම සිදුකරනවා

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති මෝටර් රථ කර්මාන්ත කරුවන්ගේ විශේෂ හමුවට එක්වෙමිනි.

මෙහිදී මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත කරුවන් මුහුණ දෙන අභියෝග , අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුවන අභියෝග , මෝටර් රථ උපාංග මෙරට තුළ නිෂ්පාදනයේදී මතුවන අභියෝග මෙන්ම මෝටර් රථ හා මෝටර් රථ උපාංග වානිජ මට්ටමෙන් අලෙවියේදී මතුවන අභියෝග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට බදුන් කෙරිණි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරු සහ ආයතන සභාපති වරුන් ප්‍රධාන වශයෙන් එක්වූ අතර මුදල් අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය , මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ආදි අමාත්‍යංශ හා ආයතන රැසක නිළධාරින්ද සහභාගිවූහ. එම සහභාගිත්වය නිසා මෝටර් රථ කර්මාන්ත කරුවන් වෙතින් මතුවූ ගැටළු හා අභියෝග සාධනීය ලෙස එම අවස්ථාවෙම පුළුල් සාකච්ඡාවට ලක්කිරීමට හැකිවිය.එහිදී වාහන එකලස් කිරීමේ කර්මාන්තය තුළ දේශීය නිෂ්පාදන ලෙසින් මෝටර් රථ උපාංග යොදා ගනිමින් අගය එකතුකිරීම් ප්‍රතිශතයක් ලෙස ඉහල දමන නිෂ්පාදනයන් වෙනුවෙන් බදු සහන වැඩිකිරීම පිළිබඳවත්, විදුලි වාහන නිෂ්පාදනය පිළිබඳවත්, මෙරටදි එකලස් හෝ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ හෝ මෝටර් රථ උපාංග අපනයන ආර්ථික ප්‍රවාහයට එක් කරන ආකාරය පිළිබඳවත්, තවදුරටත් සාකච්ඡා කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?