spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් කොටුවෙයි

ගෙවුණු සතියක කාලයේදී සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්‍රමවේදය යටතේ රථවාහන වැරැදි 610 ක් හඳුනාගත් බව පොලිස් සීසීටීවී කොට්ඨාසය පවසනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් ඉකුත් 22 වැනිදා කොළඹ නගරයේ මංමාවත්වල සවිකර ඇති සීසීටීවී කැමරා මගින් රථවාහන වැරැදි හඳුනාගැනීමේ වැඩසටහන ආරම්භ කළ අතර එම වැඩසටහන ආරම්භ කර සතියක කාලයක් ගෙවී අවසන් වී ඇති අතර ඊයේ දින වන විට කොළඹ නගරයේ රථවාහන වැරැදි කළ රියැදුරන් 610 දෙනකු හඳුනාගැනීමට පොලිස් සීසීටීවී කොට්ඨාසයට හැකිව තිබිණි.

මංතීරු මාරු කර රිය ධාවනය, විදුලි ආලෝක සංඥාවලට අනුව ධාවනය නොකිරීම, නැවතිය නොහැකි ස්ථානවල රථවාහන නැවැත්වීම, රතු දැල්වී තිබියදී ධාවනය කිරීම ඇතුළු රථවාහන වැරැදි මෙහිදී නිරීක්ෂණය කරයි.

මෙම වැඩසටහනේ මූලික පියවර ලෙස ආරම්භ කළ නියමු වැඩසටහන යටතේ වැරැදි කළ රියැදුරන්ට අවවාද කිරීම සිදුකෙරුණා.

පොලිස් සීසීටීවී කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගමලත් පැවසුවේ එළැඹෙන පළමුවැනිදා සිට දඩ කොළ නිකුත් කිරීමට නියමිත බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?