රත්මලාන ගුවන් හමුදා අවි ගබඩාවෙන් ගිනි අවියක් සොරාගනියි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවියක් හා ජීව උන්ඩ එකසිය විස්සක් සහිත මැගසින් හතරක් අගුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

ගල්කිස්ස මුලස්ථාන පොලිසිය පැවසුවේ මෙම ගිනි අවිය සහ උණ්ඩ සැඟවූ බවට සැකපිට ගුවන් හමුදා සැරයන් වරයෙක් අත්අඩංගුවට ගත් බවයි.

මීට දින තුනකට පෙර සැකකරු මෙම සොරකම සිදුකර ඇතිබව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?