spot_imgspot_img

රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පැමිණි පිරිස නිවසක සිටි පුද්ගලයෙකු පිටතට කැඳවා ඇති අතර අතුරු මාර්ගයකදී පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇති බව සඳහන්.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

පළාගිය සැකකරුවන් අතඅඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?