රට තුල ව්‍යාප්ත තවත් වෛරසයක් ගැන අනතුරු අඟවයි

කොවිඩ් වෛරසයට අමතරව රට තුළ තවත් වෛරස් උණ රෝගයක් පැතිරයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පවතින තත්ත්වය හමුවේ ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි එහි කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ.

මේ අතර ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිර්දේශ 05ක් ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව අදාළ නිර්දේශ සකස්කර ඇති බව වාර්තා වන්නේ.

අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ රජයේ බළධාරීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?