රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා
මේ අතර මෙරට ඔක්සිජන් සමාගම් කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන්වලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනය සඳහා ලබාගැනීමටද එම සමාගම් සමග සාකච්ඡා කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා
එසේම එම සමාගම්වල ගබඩාවල පවතින ඔක්සිජන්වලින් ප්‍රමාණයක් ගැනීමටද කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ
එසේම ඔක්සිජන් ටැංකි 12 ක් ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් මිලදී ගැනීමටද ඇනවුම් කර ඇති බව පැවසූ චන්න ජයසුමන මහතා රෝහල්වල ඔක්සිජන්වලින් සියයට 25ක් පමණ අපතේ යන බව සොයා ගෙන ඇතැයිද පවසනවා
එලෙස ඔක්සිජන් අපතේ යෑම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රෝහල් ප්‍රධානීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධාරණය කෙරුණා.