රටේම සිටින්නේ මී හරක් ලක්ෂ 8 ක් පමණයි

කිරි නිෂ්පාදනය විශාල ලෙස පහත වැටීම නිසා කිරි ගවයන් බෝ කිරීමට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් මව් සතුන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම්කර ඇත්තේ මෙරට ගවයන් ලක්ෂ 14 ක් රටේ සිටියදියි.

මෙරට තුළ කිරි ගවයන් බෝ කිරීම සඳහා මව් සතුන්ගේ හිඟකම දැඩි ලෙස උග්‍රවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරට තුළ මී හරක් ලක්ෂ අටක් පමණ සිටින බවද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කියයි.කිරි ගවයන් ආනයනය කර ගැනීමට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ සමග කරන ලද සාකච්ඡා සාර්ථක වනු ඇතැයි ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කීවේය.

පාකිස්තානයෙන් ද කිරි ගවයන් ලබා ගැනීම සඳහා මෙරට පාකිස්තානු තානාපතිවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?