රටින් පැන්න පාස්ටර් ජෙරොම්ගෙන් විශේෂ පණිවුඩයක්

ආගමික සංහිඳියාවට හානි වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) වාරණ නියෝගයක් ලබා ගත්තා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස වාරණ නියෝගයක් ලබාගන්නා අවස්ථාවේදීත් එම පුද්ගලයා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස සිංගප්පූරුව බලා ගොස් සිටි ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගුඋමට විශේෂ පණිවුඩයක් එක්කර තිබුණා.

එහි ඔහු දක්වා තිබුණේ ලබන ඉරුදින (21) තමන් යළි ලංකාවට පැමිණෙන බවයි.

“හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු සඳහා ගමන් කරමින් සිටින අතර, ඉරිදා නැවත නිවසට පැමිණේ” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ආගමික සංහිඳියාවට හානි වන ලෙස සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයන් ආගමික නායකයින් සහ සමාජයේ දැඩි දෝෂාරෝපණයක් මොහුට එරෙහිව මේ වනවිට එල්ල වී තිබෙනවා.

01 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
7
+1
42
+1
3
+1
3
+1
2
+1
28
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?