Indian Premier League

රටම ලොක්ඩවුන් වෙයිද ? රජයේ තීරණය මෙන්න

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5000සේ සීමාවට ළඟා වී තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 98ත් සමඟයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පසුගිය 5 වන දා තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 98ක් ඊයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට සමස්ත කෙරෝනා මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගියා.
මිය ගිය පිරිසෙන් 70 දෙනෙකුම අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ නව ආසාදිතයින් 2794 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 24,223ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 2792 නෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 31,095ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 88,307ක්.

මේ අතර, පවතින තත්ත්වය පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ කඩිනමින් රට වසා දැමීම සිදුනොකළහොත් තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි.

මේ අතර, ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාරවල ඇති අධි ශීතකරණ, මෘතදේහවලින් පිරී පවතින බව වාර්තා වනවා.

අදහස් දක්වමින් වෛද්‍යවරු සඳහන් කරන්නේ, අනන්‍යතාවය තහවුරු නොකළ හා තම ඥාතීන් ස්වං නිරෝධායනය වෙමින් පවතින අයගේ සිරුරු මෙසේ ගොඩ ගැසී පවතින බවයි.

මේ අතර, මොරටුව ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ රට වසා දැමීමට කටයුතු කළහොත් අඩු ආදායම් ලබන සහ දෛනික ආදායම් ලබන බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට ලක් වන බවයි.

ඒ හේතුවෙන් කළ යුත්තේ රට වසා දැමීමේ තත්ත්වයකට නොයන පරිදි සියළු දෙනා එක්ව කටයුතු කිරීම බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, පවතින තත්ත්වය පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද ගර්භනී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුවට සැර වෙයි
07:13
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
11:46
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46

?