රටට බරක් වී ඇති පාඩු ලබන රාජ්‍ය ආයතන අනිවාර්යයෙන්ම විකුණා දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.
කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීමට අද (18) දිනයේ එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළා.
පාඩු ලබන ආයතන විකිණීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ ද සඳහන් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ, හේතුවෙන් තීරණ ගැනීමේ දී ඇතැම් දැඩි තීරණ ගැනීමට සිදු වනු ඇති බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.
මේ අතර මාධ්‍ය නියාමනයක් කිරීම හෝ මාධ්‍ය මර්දනය කිරීමේ කිසිදු වැඩසටහනකට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා මෙම අවස්ථාව අමතමින් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
+1
+1













