රටඉඳි කාලා හමාරයි.. මුස්ලිම් ජනතාවටත් විශාල ගැටලුවක් වුණු රටඉඳි ප්‍රශ්නය

ආනයනික භාණ්ඩ තහනමට රටඉඳි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාවට උපවාස අවසන් කිරීමේදී විශාල ගැටලුවක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මෙම ගැටලුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළද එම තහනම ඉවත් කිරීමට මෙතෙක් ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බව ද මන්ත්‍රීවරයා පවසනවා.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් මේ පිළිබඳව සාකච්ඡා කළ බවට ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබුණු­ බව ද ඔහු කීය.

එහෙත් තවමත් මෙම ගැටලුව නිරාකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවැසූ මන්ත්‍රීවරයා මේ වන විට රට ඉඳිවලට අය කරන බද්දද වැඩි කර ඇතැයි ද සඳහන් කළේ ය.

රටඉඳි නබිතුමා අනුභව කළ ආහාරයක් නිසා ඔහුට කරන ගෞරවයක් වශයෙන් සලකා මුස්ලිම් බැතිමතුන් රටඉඳි අනුභව කරන බව ද ඔහු කීය.

එමෙන් ම, උපවාස කාලය අවසන් වූ පසු ආහාර ජීර්ණය කිරීම සඳහා ද රටඉඳි ආහාරයට ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?