රජරට සරසවියේ පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙක් ජීවිතක්ෂයට

රජරට විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගිලී එම විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ඊයේ (27) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ කළමනාකාර පීඨයේ සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) සවස හතර හමාරට පමණ සිසුන් 06 දෙනෙක් අනවසරයෙන් පිහිනුම් තටාකයට ඇතුළු වී එහි දියනෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිසුවා දියේ ගිලීමෙන් පසු අනෙක් සිසුන් විසින් ඔහුව ගොඩට ගෙන මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස 21ක මඩකලපු ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

සිසුවාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිහින්තල පොලීසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?