රජය ඉන්ධන අත්හරින්න තීරණය කරයි….

වායු විමෝචනය අඩු කිරීම සහ විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස 2035 වන විට පොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊට අදාළ නියෝගය ඊයේ දිනයේදී අත්සන් තැබීමත් සමගයි.

අමෙරිකානු රජය සතුව වාහන 650,000කට වැඩි ප්‍රමාණයක් ඇති අතර වාර්ෂිකව ඔවුන් මෝටර් රථ 50,000ක් පමණ මිලදී ගනු ලබනවා. ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අත්සන් තබන ලද විධායක නියෝගය අනුව එහි ඇති එක් සැලසුමක් වුයේ 2027 වර්ෂය වන විට රජය විසින් මිලදී ගනු ලබන සැහැල්ලු වාහන වායු විමෝචනයෙන් තොර වාහන විය යුතු බවයි.

සමස්ත ෆෙඩරල් රජයේ මෙහෙයුම් සැලැස්ම යටතේ 2030 වන විට විමෝචනය 65% කින් අඩු කිරීමට සැලසුම් කර ඇත. 2030 වන විට ශුද්ධ වාර්ෂික පදනමින් කාබන් රහිත සහ දූෂිත නොවන ප්‍රභවයන්ගෙන් පමණක් විදුලිය පරිභෝජනය කිරීමට රජය උත්සාහ කරන අතර 2050 වන විට වායු විමෝචනය ශුන්‍ය කිරීමටයි අමෙරිකානු රජය සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?